වාස්තු ශිල්පයේදී නිවෙස සම්බන්ධයෙන් අවධානය ලක් කෙරෙන ප්‍රධාන අවස්ථා කිහිපයක් දැකගත හැකි වෙනවා.

පූර්ව වාස්තු ශිල්පීය ක්‍රමය:

ගෘහය සැලැසුම් කිරීම ඉදිකිරීමේ ක්‍රමය ගෘහ පරිහරණ රටාව මේ අනුව ප්‍රධාන අවස්ථා තුනකදී ගෘහ කර්මයේදී වාස්තු ශිල්පීය ක්‍රමවල සහාය ලබාගත යුතු වෙනවා. මෙහිදී පූර්ව වාස්තු ශිල්පීය ක්‍රමවලදී ඉඩමක් තෝරා ගැනීම, ඉඩමේ භූමි ඥාතීන්ගෙන් අවසර ලබාගෙන ඉඩමට ප්‍රවේශම් වීම සහ ගෘහ හිමියාට ඉඩම බල ගන්වා සක්‍රීය කිරීම සිදු කරනු ලබන අතර වාස්තු ශිල්පීය මූලධර්ම අනුව ගෘහය සැලැසුම් කිරීම සහ ඉදිකිරීම දෙවැනි අදියරේදී ඉටුකරනු ලබයි.  නූතනයේදී දෙවැනි අදියරට පමණක් අවධානය යොමු කිරීමට වාස්තු ශිල්පීන් යොමුවී සිටී.

පූර්ව වාස්තු ශිල්පීය ක්‍රමවලින් ගෘහය සාදා නිම කිරීමෙන් පසු ගෘහ පරිහරණ රටාව පිළිබඳ අවධානය යොමු කිරීම ඉතාමත් දුර්වල තත්ත්වයක පවතී. මෙහිදී අපගේ විශේෂ අවධානය යොමු කිරීමට උත්සාහ ගන්නේ නිවෙස ඉදිකොට අවසන් වූ පසුව ගෘහය පරිහරණය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ ඔබට කියා දීමටයි. වාස්තු සිද්ධාන්තවල අනුව නිවෙස සාදා ගත්තද ඔබ එය නිවැරැදි ලෙස පරිහරණය නොකළහොත් නොදැනීම වාස්තු දෝෂ නිවෙස තුළට රිංගා ගනී. මේ නිසා වාස්තු සිද්ධාන්තවලට අනුව ගෘහ පරිහරණ රටාව පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් ප්‍රවේශයක් බව කිව යුතුයි. ගෘහ වාස්තු පරීක්‍ෂාවේදී ලබා ඇති අත්දැකීම් අනුව සමහර නිවාසවල වාස්තු සිද්ධාන්තවල ගැළපීම 90% වඩා වැඩි වුවද ගෘහ පරිහරණ රටාව තුළ සිදුවන වැරැදි සහ අඩුපාඩු නිසා නිවෙසේ සතුට සැනසීම පලාගොස් තිබූ අවස්ථා දැක තිබේ. ගෘහ පරිහරණ රටාව යටතට වැටෙන ප්‍රධාන අවස්ථා කිහිපයක් මෙසේය.

1. වර්ණ ගැන්වීමේදී.
2. ගෘහ භාණ්ඩ යෙදීමේදී
3. තිර රෙදි යෙදීමේදී
4. අභ්‍යන්තර අලංකාර කටයුතුවලදී
5. බාහිර අලංකාර කටයුතුවලදී
6. ද්වාර පරිහරණය කිරීමේදී
7. ගෘහ අංග භාවිත කිරීමේදී
8. ආගමික කටයුතු ඉටුකිරීමේදී හා ආගමික පිළිම පින්තූර තැබීමේදී
9. විවිධ මූර්ති හා සිතුවම් තැබීමේදී හා ඡායාරූප ප්‍රදර්ශනයේදී
10. ගස් වැල් සිටුවීමේදී
ඉහත සඳහන් ප්‍රධාන අවස්ථාවලදී නිවෙසේ පරිහරණ රටාවේ දෝෂ ඇති වීමට ඉඩ ඇති බව මතක තබාගත යුතුයි. ඉහත අවස්ථාවන්හිදී වාස්තු මූලධර්මවලට පටහැනි නොවන ලෙස එම කටයුතු ඉටු කිරීම වරදක් නොවේ.

1. වර්ණ ගැන්වීමේදී දිශාවට ගැළපෙන වර්ණ යොදා ගැනීම කළ යුතුයි. විශේෂයෙන් නිවෙසේ මුහුණතට ගැළපෙන වර්ණ රටා යොදා ගැනීම වැදගත් වේ.

2. ගන තිර රෙදි භාවිත නොකළ යුතු අතර නිවෙසේ මූලික වර්ණයට ගැළපෙන වර්ණ හා හැඩතල භාවිත කිරීම කළ යුතුයි.

3. ගෘහ භාණ්ඩ භාවිතයේදී පරණ ගෘහ භාණ්ඩ සහ කළු පැහැති ගෘහ භාණ්ඩ යොදා නොගත යුතු අතර ඕධය ඇඳන් භාවිත නොකළ යුතුවේ.

4. නිවෙසේ අභ්‍යන්තර අලංකාරයේදී විල් මාළු ටැංකි හා මියුරල් මෙන්ම ශාක යොදා ගැනීමේදී සැලකිලිමත් විය යුතුයි.

5. බාහිර අලංකරණ කටයුතුවලදීද දිශාව සහ භූමි ධාතු පරිහරණ ක්‍රම ශිල්ප අනුගමනය කිරීම වැදගත්.

6. නිවෙසේ ද්වාර සටහනක් තිබුණද ඔබ දකුණු දිශාවේ ද්වාරය සම්බන්ධ නොකරයි නම් ද්වාර සටහන අයහපත් වේ.

7. ගෘහ අංග භාවිත කිරීමේදී ප්‍රධාන නිදන කාමරය, ළමා කාමර, වැඩිහිටි කාමර, අමුත්තන්ගේ කාමර නිසි දිශාවේ යෙදී ඇති කාමර භාවිත කිරීම කළ යුතු අතර, නිදන ඇඳ උතුරු දිශාවට හිස යොමු වන ලෙස තැබීම සිදුකළ යුතුයි. අල්මාරිය උතුරු, නැඟෙනහිර දිශාවට විවෘත වන ලෙස තැබීම සිදුකළ යුතුයි.

8. නිවෙසේ උතුරු, ඊශාන හා නැඟෙනහිර දිශාවලට හැරී ආගමික කටයුතු ඉටුකළ යුතු අතර, නිවෙසේ තැන තැන ආගමික පිළිම පින්තූර නොවිය යුතුයි.

9. විකෘති මිනිස් රූප, හිස් පතුරම් කොපු, කුඩා ළමයින්ගේ ඡායාරූප, නපුරු සතුන්ගේ මූර්ති, වියළුණු රුක් කලා ආදිය සුදුසු නොවේ. මාළු බාන දර්ශන සහ රුවල් නැව් සහ අශ්ව ලාඩම් මෙයට ඇතුළත් වේ.

10. නිවෙස සමීපයේ හා නිවෙස අභ්‍යන්තරයේ ගස් වැල් සිටුවීමේදී සහ තැබීමේදී දිශාවට ගැළපෙන ලෙස ඒවා තැබීම මෙන්ම වර්ණ රටා ගළපා ගැනීම කළ යුතුයි. කිසිම විටක පතොක්, කටු සහිත ශාක සහ අඹ ශාක නිවෙස සමීපයේ සුදුසු නොවේ.
 
වාස්තු විද්‍යා විශාරද
ශාස්ත්‍රවේදී පේරාදෙණියේ
ඩී.යූ. සෙනරත්
උපුටා ගැනීම මව්බිම පුවත් පත



වාස්තු දෝෂ පිළිබඳ මත රැසක් ඇත. එයින් ප්‍රබල සංකල්පයක් ලෙස ගිනි කතුර සංකල්පය හඳුන්වා දිය හැකිය. මේ ආකාරයටම ගෘහයක දිග සහ පළල පිළිබඳ සොයා බලා ගෘහ පිණ්ඩය සකස් කරන පිළිවෙත්ද නිවැරැදි නොවේ. නූතනයේ නිවාසවල විවිධාකාර හැඩතල පවතින බැවින් ගෘහයක නිශ්චිත දිගක් හෝ පළලක් ගැනීම කිසිසේත් කළ නොහැකිය.

එම නිසා නිවැරැදි ක්‍රමය වන්නේ, එම ගෘහයට යට වන බිම් ප්‍රමාණය නැත්නම් ගෘහයේ ‍දොරවල් ජනෙල් වැසූ පසු නිවෙස තුළට අයත් වන වර්ග අඩි ප්‍රමාණය ගණනය කිරීමයි. ඒ තුළින් වර්ග වඩු රියන් ප්‍රමාණය ගණනය කොට ගෘහයේ නැකැත සකස් කිරීම නිවැරැදි ක්‍රමය වේ.

ඔබගේ අවධානය යොමු කිරීමට උත්සාහ කළේ ගිනි කතුර නමැති සංකල්පය කිසිසේත්ම බලගතු හෝ ප්‍රායෝගික හෝ නොවන සංකල්පයක් බව පෙන්වා දෙමි. මෙම ක්‍රමය වාස්තුවේදී යොදා ගනු ලබන්නේ ගෘහයක බ්‍රහ්ම පාදය සොයා ගැනීම උදෙසා වේ. එහිදී නිවෙසේ මුළු කැපෙන පරිදි යොදන රේඛාව ඡේදනය වන ලක්ෂ්‍යය එම ගෘහයේ බ්‍රහ්ම පාදය නැත්නම් මධ්‍ය ලක්ෂ්‍යය ලෙස සැලකෙන අතර එම රේඛාවට ‍දොරවල් ජනේල කැපී යෑම කිසිසේත්ම දෝෂයක් නොවන බව ඔබගේ යහපත සහ වාස්තු ශිල්පයේ යහපත පිණිස පෙන්වා දෙනු කැමැත්තෙමි.

-උපුටා ගැනීම මව්බිම පුවත් පත-



නිවසක් සාමය සතුට පිරි ගෙදරක් බවට පත්වන්නේ එහි ජීවත්වන නිවැසියන්ගේ දක්ෂතාවය මතයි.නිවසක් තැනීම කියන්නේ ලේසි පහසු කටයුත්තක් නොවන අතර අත්තිවාරමේ පටන් වහලය දක්වා සහ එයින් පසුව ප්‍රධාන දොරේ සිට වැසිකිළිය දක්වාම නිවාස හා බැදුනු විද්‍යාත්මක කරුනු රාශියක් පවතී .එසේම ඔබේ නිවස වසනාවන්ත,සිරියවන්ත නිවසක් කරගැනීමට ඔබට බොහෝ දේ කරන්නට හැකිය .ඒ සියල්ල වගේඋඅ ඉන් එහා ගිය තාක්ශනික කරුණු රාශියක් ඔබට කියදෙන කැදැල්ලකි මේ.


ඕම් නියමය තේරුණේ නැති අයට ඔන්න අද කියල දෙන්න යන්නෙ ඕම් නියමය ගැන ,එහෙනම් පාඩමට බහිමුකො....

ඕම්ගේ නියමය Ohm’s Law

යම් ප්‍රතිරෝධයක අග්‍ර අතරට වොල්ටීයතාවයක් යෙදුවහොත් එය තුලින් ධාරාවක්ගලයි.එම ප්‍රතිරෝධයත් ,වෝල්ටීයතාවයත් ,ධාරාවත් අතර ඇති සම්බන්ධතාවය ඕම්ගේ නියමයෙන්පැහැදිලිකෙරේ,පහත රුපසටහනේ දැක්වෙන පරිදි සරල පරිපතයක් ඇසුරෙන් මෙම නියමයේ සත්‍යතාව පැහැදිලිකලහැකිය.
මෙහි ප්‍රතිරෝධකයේ අගය ඕම් ලෙසද,එහි අග්‍ර  අතර වෝල්ටීයතාව වෝල්ට් ලෙසද ,ප්‍රතිරෝධය තුලින් ගලනධාරාව අම්පියර් ලෙසද ගතහොත් ඒවා අතර සම්බන්ධතාවය පහත සමීකරණ වලින් දැක්විය හැකිය.
නිදසුන් ;

විදුලි බල්බයක් 6බැටරියකට සම්බන්ධ කලවිට ගලන ධාරාව 300mA ක් වේ. බල්බයේ ප්‍රතිරෝධය කොපමණද ?

V- 6,I- 300mA= 0.3A,R- ?
ඕම් නියමයට අනුව  V=IR  , R=V/I
                                    R= 6 / 0.3
                                    R= 20Ω


තේරුණේ නැති දෙයක් තියෙනවනම් Comment වලින් අහන්න.ප්‍රතිචාර ගොඩක් වටිනව....